qaa-x-1685f6_1jn_text_reg/02/07.txt

1 line
694 B
Plaintext

\v 7 ප්‍රේමවන්තයෙනි, මා ඔබට ලියා එවන්නේ අලුත් ආඥාවක් නොව ආරම්භයේ සිට ඔබට තිබුණා වූ පැරණි ආඥාවක්ය. ඒ පැරණි ආඥාව නම් නුඹලා ඇසූ වචනය වේ. \v 8 නමුත් මම ඔබට නව ආඥාවක් ලියමි. එය ක්‍රිස්තුස් වහන්සේ තුළත් ඔබ තුළත් සත්‍යයක්ව පවතී. මන්ද අන්ධකාරය පහව යන අතර සැබෑ ආලෝකය දැනටමත් බබළයි.