qaa-x-1685f6_1jn_text_reg/01/05.txt

1 line
1.1 KiB
Plaintext

\v 5 අප විසින් උන්වහන්සේගෙන් අසා තිබෙන, ඔබට දන්වන්නාවූ පණිවිඩය නම් මේය, දෙවියන්වහන්සේ ආලෝකය බවත් උන්වහන්සේ තුළ කිසිම අන්ධකාරයක් නොමැති බවයි. \v 6 අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි ගමන් කරන්නේනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරන්නෙමු. \v 7නුමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නා සේම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, අපට එකිනෙකා සමඟ පංගුකාරකම ඇත්තේය, තවද උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්සේගේ රුධිරය සියලු පාපවලින් අප පවිත්‍රකරන්නේය.