qaa-x-1685f6_1jn_text_reg/02/27.txt

1 line
1.4 KiB
Plaintext

\v 27 \v 28 \v 29 27නුඹලා ගැන වනාහි, නුඹලා උන්වහන්සේගෙන් ලැබූ ආලේපය නුඹලා තුළ පවතින්නේය, යමෙකු විසින් නුඹලාට ඉගැන්වීම ඕනෑකරන්නේ නැත; එම ආලේපය සියල්ල ගැන නුඹලාට උගන්වන ලෙසද, එය බොරු නොව සත්‍යව තිබෙන ලෙසද, එයින් නුඹලාට ඉගැන්නූ ප්‍රකාරයටද උන්වහන්සේ තුළ පැවතෙන්න. 28ඉතින්, මාගේ ප්‍රිය දරුවෙනි, උන්වහන්සේ තුළ පැවතෙන්න; එසේ කළ යුතුවන්නේ උන්වහන්සේ ප්‍රකාශවුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලජ්ජානොවී නිර්භීතකම ඇතුව සිටින පිණිසය. 29උන්වහන්සේ ධර්මිෂ්ඨ බව නුඹලා දනිහු නම්, ධර්මිෂ්ඨකම් කරන සියල්ලන්ද උන්වහන්සේගෙන් ඉපදී සිටින බව නුඹලා දනිහුය.